ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියමකිරීමට කොළඹ මහාධිකරණය අද පෙරවරුවේ තීරණය කර තිබේ.
2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් පැවැත්වුණු නඩු තීන්දුවකට අදාලව මෙම ඳඩුවම නිම කර තිබේ. මීට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් නියමකර ඇත.
නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝධනා දෙකටම වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් මෙම නඩුතීන්දුව ලබාදී ඇත.
ඉන්ද්‍රමූර්ති ජයසූරිය