මෙවර උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු වැනි හා දෙවැනි ස්ථානය හිමි කර ගෙන ඇත්තේ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එකට පාඩම් වැඩ කල මිතුරියන් දෙදෙනෙකි.
මාතර වැවහමන්දුව සුරච්චිය පාර 3 වන පටු මගේ පදිංචී ප්‍රමුදි භාෂණි මුණසිංහ (19) හා මාතර නූපේ කමිල් පටුමගේ පදිංචී එස් එම්.පී ලෙමාෂා උද්‍යාංගී (19) එම සීසුවියන්ය.
ප්‍රමුදි ට ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පලමු තැනද ඇයගේ මිතුරිය වු ලෙමාෂා ට එම විෂය ධාරාවෙන් ලංකාවෙන් දෙවැනි තැනද හිමි වීම විශේෂත්වයකි.
එම සීසුවියන් දෙදෙනාම එකට පාසල් හා උපකාරක පන්ති ගිය දෙදෙනෙකි.දෙදෙනාම උසස් පෙළ විභාගයට අවශ්‍ය කටයුතු සිදු කර ඇත්තේ ලෙමාෂා ගේ නිවසේය.
ප්‍රමුදි ගේ පියා වන සමන් තිලක් මුණසිංහ මහතාඅම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේ පර්යේෂණ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක වරයා ලෙසද මව වන ඉන්දිකා සමන්තිනි නරසිංහ මහත්මිය මාතර කෘෂි කර්ම කාර්යාලයේ කෘෂිකර්ම උපදේශීකාවක් ලෙසද සේවය කරයි.
ලෙමාෂා ගේ පියා වන එස් එම්.පී අයි.උපශාන්ත මහතා ඉඩම් හිමි වැවීලිකරුවෙකි.මව වන සුබෝධා සෙනවීර මහත්මිය විශ්‍රාමික ගුරුවරියකි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්