කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේන් වාර්තා වු කෝව්ඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගත් පුද්ගලයා මුහුදු ආරක්ෂකයෙකු විම නිසා සහ විදේශගතව සිට පැමිණිම හේතුවෙන් ඔහු පිළිබදව සෞඛ්‍ය අංශ විසින් දැඩි අවධානයෙන් පසු විය.
ඔහුගේ PCR පරික්ෂණ සිදු කිරිමෙන් පසු ආසාදිතයෙකු බව හදුනා ගැනිමත් සමඟ ඔහු සමිපව ඇසුරු කළ 154 දෙනෙකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබේ.
නමුත් ආසාදිතයා ලෙස සැලකු පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කරන ලද PCR පරික්ෂණ 5ක ප්‍රතිඵල මත අඛණ්ඩ එම පුද්ගලයා කේවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වි ඇත.
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය 154 දෙනෙගෙන් කිසිවෙකුත් කෝවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනාගෙන නොමැත.
ඒ අනුව කොරෝනා බවට සැක කළ එම ආසාදිතයා හා කන්දකාඩු වෙත නිරෝධායනය සඳහා යොමු කළ එම 154 දෙනා නැවත සිය නිවෙස් වෙත පිටත් කර හැරි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_ea26440a8d.jpg)