ජාතික ධජය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා යොදා ගත්තොත් නීතිය ක්‍රියාත්මක කරන බවත් , මෙහෙම ගියොත් තව ටික දිනකින් ජාතික ගීය පක්ෂයේ ගීතය බවට පත්වේවි යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඊයේ (17) කොළඹ දි පැවසීය .
මෙවර ජනාධිපතිවරණය නිමිත්තෙන් ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ වැඩසටහනකට සහභාගි වෙමින් හෙතෙම එසේ කීය .
කොළඹ දී පැවති මෙම වැඩමුළුව පැපරල් සංවිධානයේ අනුග්‍රහය මත සංවිධානය කර තිබිණ .
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද පැවසීය .
අපි දේශපාලනඥයින් දිහා බලනවා.ඒ අය නැතිනම් මැතිවරණය ක් නෑ..ජාතික කොඩියේ අභිමානය අද බල්ලට ගිහින් තිබෙනවා .සිංහයා ට නෑ.ඒක නිසා ජාතික කොඩිය මැතිවරණ ප්රචාරක කටයුතු සදහා මැතිවරණ ව්‍යාපාරය සදහා යොදා ගන්න එපා .
දැන් ක්‍රිකට් තරගාවලදී ජාතික ධජය ඇගවටා ඔතා ගෙන එක අතකින් මත්පැන් බෝතලයක් අල්ලාගෙන නටනවා .දේශපාලන දර්ශනයක් නැති නිසා මෙවැනි ගැටලු එනවා.
රටේ සංවර්ධන කටයුතු කරගෙන යන්න අපි එපා කියන්නෙ නෑ.පාර හදලා විවෘත කරන එක ගැටලුවක් නොවේ.නමුත් එම අඅවස්ථාවට දේශපාලනඥයින් එන්න ඕනි නෑ.දේශපාලනඥයින් ගේ මැදිහත් වීමක් නැතිව ජනතාවට එම කටයුතු සිදු කරගෙන යන්න පුලුවන් .
මගෙ මැතිවරණ ඉතිහාසයේ මම 19 දෙනෙකු ගෙදර යැව්වා.20 වෙන්න තව එක්කෙනෙක් ගෙදර යවා මට ගෙදර යන්න තිබුනොත් ඇති .
මෙම අවස්ථාවට පැපරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි ,එහි ජාතික සංවිධායක සුජීව ගයනාත් යන මහත්වරුන් ද සහභාගි වෙමින් අදහස් දැක්වූහ .
ඇල්ල ප්‍රසාද් රුක්මාල්