පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික කොංග්‍රසය මෙවර ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට තීරණය කළ බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ෂියා මහතා පැවසීය.
පසුගිය මැතිවරණ කිහිපයකදීම තම පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය පළ කර තිබූ අතර අරගලයෙන් පසුව රට භාර ගැනීමට ඉදිරිපත් වූ එකම නායකයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බැවින් තම පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ජාතික සංවිධායකවරයා කීහ .
තම පක්ෂය ගත් මෙම තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව ජාතික සංවිධායකවරයා තවදුරටත් පැවසීය .