ජාතික ඖෂධ නියාමන අධිකාරියට (NMRA) වසර 9 ක් පිරීම නිමිති කොට ගෙන විශේෂ සැමරුම් උත්සවයක් අද දින (11) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරීශ්‍රයේ දී පැවැත්විණි.
2015.07.01 දින ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපිත කරන ලද අතර එමගින් ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය අනුගමන කරමින් මහජනතාව සදහා සියලුම වර්ග වල ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන සහ විලවුන්හි ගුණාත්මකාභාවය, ආරක්ෂාකාරීව, කාර්යක්ෂම සහ දැරිය හැකි මිලකට පාරිභෝගිකයා වෙත ලබා දීම සිදු කරනු ලබයි.
ඖෂධ ප්‍රතිපත්තිය මෙරටට හදුන්වා දෙමින්, රාජ්‍ය ඔසුසල් සංකල්පය ලෝකයට හදුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ පිලිරුවක් ද, සෞඛ්‍ය අමාත්‍යවරයා අතින් මෙහිදී නිරාවරණය කරනු ලැබු අතර ඒ මහතා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ආරම්භක සභාපතිවරයා ද වේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් ඇතුළුව කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගීවී සිටියහ. ( I J)