මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට සතියක පමණ කාලයක් තිස්සේ අධික වැසි ලැබෙමින් පැවතීම නිසා ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහල නගිමින් පවති.
ඉකුත් මාස කීපයක කාලයක් ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම සමස්ථ ජල ධාරිතාවෙන් 75% දක්වා පහත බැස තිබුණි.
ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත්, කානියොන්, විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන විදුලිබලාගාර 05 සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඉකුත් සතියක පමණ කාලයක් පැවති අධික සුළං තත්වය මේ වන විට පහව ගොස් තිබේ.
අයහපත් කාලගුණික තත්වයත් සමග මධ්‍යම කඳුකරයේ තේ කර්මාන්තශාලාවල දෛනික කටයුතු වලට තව දුරටත් බාදා පැමිණ තිබේ. සතියකට ආසන්න කාලයක් විදුලි සැපයුම් විසන්ධි වී තිබීම හේතුවෙන් වතු කම්කරු ප්‍රජාවගේ හා ව්‍යාපාරික ප්රජාවගේද ජන ජීවිතයදට දැඩි ලෙස බාධා පැමිණ තිබුණි.
ගාමිණී බණ්ඩාර