වෙළඳ සැලකට ගොස් යළි එමින් සිටියදී හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන්ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මහමග ඇදවැටි ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල , රත්න මාවතේ , අංක 45 / D හි පදිංචි එදිරිසූරිය ආරච්චිගේ ටෙරන්ස් ආනන්ද ඉදිරිසූරිය (60) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු බව පොලිසිය කියයි.
කථිකාචාර්යවරයා පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා මහරගම නගරයට ආසන්නයේ පිහිටි වෙළඳ සැලකට ගොස් යළි නිවසට යාම සඳහා මහරගම පිළියන්දල (341) බස් මාර්ගයට පැමිණ ඇරව්වල දෙසට යමින් සිටියදී එක් වරම ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් යාබද විදුලි කණුවක් අල්ලාගෙන මඳ වේලාවක් සිට පසුව බිම ඇද වැටි අනතුරකට ලක්ව තිබුණි.
පසුව මේ බව දුටු අසල්වාසීන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා රෝහල්ගත කිරීමට යාමේදී එහි සිටි හෙද නිලධාරිනිය කථිකාචාර්යවරයා පරීක්ෂා කොට පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.
මේ අතර තම සැමියා අනතුරකට ලක්ව ඇතැයි හිතවතෙකු හරහා ලද තොරතුරකට අනුව කථිකාචාර්යවරයාගේ බිරිඳ ද එම ස්ථානයට පැමිණ සැමියාගේ දේහය හදුනාගෙන තිබේ.
ඒ අනුව මහරගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු එච්.ඩබ්ලිවු.ඩග්ලස් රූපසිරි මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසට පොලිසියට නියෝග කළේය.
ඒ අනුව කථිකාචාර්යවරයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය (06) දා කළුබෝවිල අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (6497) ප්‍රියන්ත නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.