ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන් යානයේ සිට තවත් සාමාජිකයෙක් දිවි බේරා ගෙන ඇතත් ඔහු බරපතල තුවාල ලබාතිබේ.
ඒ 350 ගුවන් යානයේ සිටි සියලුම මගීන් එම ගුවන් යානය ගිනි ගැනීමට පෙර ආරක්ෂිතව ඉවත් කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ 350 ගුවන් යානය ජපානයේ හෙනෙඩා ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ගුවන් යානයක් වන අතර වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන් යානය ගුවන් තොටුපොළින් පිටත්වීමට නියමිතව තිබූ ගුවන් යානයකි.