තුවාල ලබා බොරැල්ල සුසාන භූමිය තුළ කාර් රථයේ සිටියදී අද (15) පස්වරුවේ සොයාගත් ජනශක්ති සමූහ ව්යවපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතා අභාවප්රාප්ත වූ බව බොරැල්ල පොලිසියේ උසස් නිලධාරියෙක් අද රාත්රී තහවුරු කළේය.
පැහැරගෙන ගොස් තුවාල කිරීමේ සිද්ධයෙන් බරපතල තුවාල ලබා සිටි දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී අද රාත්රී 11.00 ට පමණ අභාවප්රාප්ත වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීමට යන බව බිරියට පවසමින් සභාපතිවරයා කුරුඳුවත්ත මල් පාරේ නිවසින් අද (15) දහවල් පිටව ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඔහුගේ බිරිය මද වේලාවකින් ඔහුට දුරකථන ඇමතුම් ලබාගෙන ඇති අතර සභාපතිවරයාගේ දුරකථනය ඒ මොහොතේ ක්රියා විහිරතව තිබී ඇතැයි පොලිසිය කියයි.
ඔහු බොරැල්ල සුසාන භූමියේ රැඳී සිටින බවට බිරියගේ ජංගම දුරකථනයට පසුව සංඥා ලැබී ඇතැයි පොලිසිය පවසයි.
වහා ක්රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමියට පිටත්කර යවා ඇති අතර, ඔහු පැමිණ කළ සොයා බැලීමේ දී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරුගේ අසුන මත සභාපතිවරයාගේ අත් දෙක ගැට ගසා ගෙලට වයරයක් දමා සිටිනු දැක ඇත.
වහා ක්රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ සහාය ඇතිව, සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙලට දමා තිබූ වයරය ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.
සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත්ව යන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයකු දැක ඇති බව පොලිසිය කියයි.
ප්රකට ක්රිකට් විස්තර විචාරකයකු රුපියල් කෝටි ගණනක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන ඇති අතර සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි තුනක් ද කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
(යොහාන් භාසුර සහ බිමල් ශා්යමන් ජයසිංහ)