සෙවනගල ප්රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇති බව සෙවනගල පොලිසිය පවසයි.
අලුයම තුනට පමණ සිදු වූ වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ කිරිඉබ්බන්ආර ආයුර්වේද රෝහල අසල පදිංචි 39 හැවිරිදි තිදරු පියෙකු බව පොලීසිය කියයි.
මෙලෙස වෙඩි පහරට ලක් වූ පුද්ගලයා පවුල් ආරවුලක් හේතුවෙන් ටික දිනක සිට නිවසේ නොසිට, නිවසට මද දුරක් පිහිටි වෙනත් අයකුට අයත් නිවසක රාත්රී කාලය තනිව ගත කර ඇති බවත් රාත්රී ආහාර ගැනීමෙන් පසු නිවසේ ජනේලයක් විවෘත කර නිදාසිටියදී අද විවෘත කර තිබූ ජනේලයෙන් වෙඩි තබා ඇති බවත් පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් ඔහුගේ අතෙහි කිහිල්ල ප්රදේශයට බරපතල ලෙස හානි සිදු වී ඇති අතර පොලිසිය සැක පල කරන්නේ ,ඔහු ඝාතනය කිරීමට සිතා වෙඩි තැබීම සිදු කළ ද වෙඩික්කරුට ඉලක්කය වැරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුකරගැනීමට නොහැකි වී ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු තුවාලකරු ඇඹිලිපිටිය රෝහලේ ප්රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ