අරගලය මුවාවෙන් ජනපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය අත්පත් කර ගැනීම නීතිවිරෝධී බවත් ඒ වෙනුවෙන් නීතිය අනුව කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවැසීය.
"අරලගය අද තියෙන ක්රමවේදයට විරුද්ධව ගෙන ගිය අරගලයක්. හැම අංශයම වෙනස් කරන්න කිව්වේ. සාමකාමි අදහස් දරණ අයට ඒ් අදහස් ප්රචාරය කරන්න ඉඩ දෙන්න ඕන. ඒ වගේම අපිටත් පුළුවන් ඒකට පිළිතුරු දෙන්න.
නිශ්ශබ්දව ඉන්න අයගේ අදහසුත් අපි පිළිගන්න ඕන. අරගලයක් කියන්නේ ආණ්ඩුවක් පෙරලන්න, ගෙවල් ගිනි තියන්න. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය අල්ලගන්නවා කියන්නේ ප්රජාතන්ත්රවාදය නෙමෙයි.
ඒක නීති විරෝධියි. නීති විරෝධී අයට අපිට නීතිය අනුව ක්රියා කරනවා. තරුණයන්ට අනාගතය හදන්න මම සම්පූර්ණ සහාය දෙනවා"