මෙවර ජනාධිපතිවර්ණයට තරග වැදිම සදහා ස්වාධින අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී සිටි අයිදුරුස් මොහොමඩ් ඉල්යාස් මහතා පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 22 දින සවස මරණයට පත්ව ඇති බව පවුලේ ඥාතින් පවසයි.
80 වියැත් අයිදුරුස් මොහොමඩ් ඉල්යාස් මහතා වෛද්‍යවරයකු වන අතර ඔහු ඩෝක්ටර් ඉල්යාස් නමින් ප්‍රසිද්ධ සිටි දේශපාලඥයකු විය.
ඔහු යුද්ධය හේතුවෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් පලවා හැරි මුස්ලිම් ජනයා සමග යාපනයෙ සිට පුත්තලමට පැමින පුත්තලමේ පදිංචි වුවෙකී.
1980 දශකයෙ සිට දේශපාලනයට අවතිර්ණ වී ඇති ඉල්යාස් මහතා මෙවර ජනාධිපතිවර්ණයට ඉදිරිපත්ව සිටියෙ ඉන්ජක්ෂන් සිලින්ජරය ලකුණිනි.
1988 වයඹ පළාත් සභාවට තරග කරමින් පළාත් සභා මන්ත්‍රිධුරයක් හිමිකර ගත් ඔහු 1994 වසරේදී පුත්තලමේ සිට පුත්තලමට පැමිනි සරණාගත ජන්ද 3300 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගනිමින් පාර්ලිමේන්තුව නියෝජනයට වරම් ලබා ගෙන තිබුනී.
2010,2015,2019 යන කාලවල දී ජනාධිපතිවර්ණ වලට ඉදිරිපත්වු ඔහු මෙවර සිව්වන වතාවට ජනාධිපතිවර්ණය සදහා නාම යෝජනා බාර දී තිබුනී.
දරුවන් තිදෙනෙකුගේ පියකු වන ඉල්ලයාස් මහතා වෘත්තියෙන් වෛද්යවරයෙකී.මිය යන විට 80 වියේ ඔහු පසුවෙති.
ඔහුගේ අවසන් කටයුතු පිලිබදව තවම තිර්ණය කර නැති බව පවුලේ ඥාතින් පවසයි.