ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24දා) විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙන බවත්, එහිදී පාර්ලිමේන්තුව විසුරවා හැරීම පිළිබඳ තීරණයක් ගන්නා බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ප්රශ්නය - අද පාර්ලිමේන්තුව විසුරවනවාද?
පිළිතුර - අද කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනවා. ඒ අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. ඒ සමග තමයි තීරණය කරන්නේ පාර්ලිමේන්තුව පිළිබඳව.