ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කිරීමට තව කාලය තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීන්දුවක් ගනු ඇති බවයි.
එමෙන්ම පාක්ෂිකයාට බියකින් තොරව එළියට බැසිය හැකි මට්ටමේ වැඩපිළිවෙලක් තම පක්ෂය මේ වනවිට ක්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්, පක්ෂ නිර්මාතෘ හිටපු අමාත් යබැසිල් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්බ ත්තරමුල්ල, නෙළුම්මා වතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී අද (7) පැවැත්වුණි.