1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම පිළිබඳ පනතේ නෛතික විධි විධාන අනුව ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා නියමය පලකරන දිනය,නාම යෝජනා භාර ගැනීමේ දිනය හා ස්ථානය සහ චන්ද විමසීමේ දිනය පිළිබඳව දැනුම්දීමේ අති විශේෂ ගැසට් නිවේදනය හෙට( 26) දින ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරයි.
අද (25)රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම ජනාධිපති චන්ද විමසීම පැවැත්වෙන දිනය හා සෙසු ව්‍යවසථාපිත කාර්යන් පිළිබඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති බව එම මාධ්‍ය නිවේදනයේ සඳහන්වේ.
ඉන්දික හේවාවිතාරණ/ ජයරත්න ඉඳුරුවගේ