අති විශේෂ ගැසට් නිවේදනය මගින් අද දින ප්රකාශයට පත් කරන ලද සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ නාමයෝජනා බාර ගැනීමේ දිනය වූ අගෝස්තු 15 දිනයට පෙර දිනයේ දහවල් 12.00 ට පෙර අපේක්ෂකයන් විසින් ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව ජනාධිපතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් යෝජනා කරන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50000 ක් ද වෙනත් දේශපාලන පක්ෂයක් හෝ චන්ද හිමියෙකු විසින් යෝජනා කරන අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75000 ක් ද වශයෙන් ඇප මුදල් තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම ඇප මුදල් තැන්පත් කිරීම අද (26 ) සිට අගෝස්තු 14 දා දහවල් 12.00 ට පෙර කාලය තුළ සතියේ කාර්යාල දිනවල පෙරවරු 08.30 සිට පස්වරු 04.15 දක්වාද 14 දා පමණක් පෙරවරු 08.30 සිට දහවල් 12.00 දක්වාද රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී සිදුකළ යුතු බව මේ සම්බන්ධයෙන් අද දින මැතිවරණ කොමිෂන් සභාව මගින් මේ මැතිවරණය සම්බන්ධයෙන් නිකුත් කළ දෙවන අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්රකාශයට පත්කර ඇත.
ජේ.ඉඳුරුවගේ