තමන්ට ලැබී තිබෙන නිදහස පාවිච්චි කළ යුත්තේ අනෙක් පාර්ශවයට බාධාවක් හෝ හානියක් නොවන පරිදි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
සමාජ මාධ්‍ය හරහා සිදුවන මත විමසුම් හා සමීක්ෂණ වාර්තා තහනම් කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්මින් ඔහු සඳහන් කළේ මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරන්නේ මැතිවරණ පනතට අදාළ නීති රීතී සමඟ පමණක් බවයි. රූපවාහිනී වැඩසටහනක් හා එක්වෙමින් අද දින (26) මේ බව වැඩි දුරටත් ඔහු සඳහන් කර සිටියි. ( I J)