දිවයිනේ ප්‍රමුඛතම ජනප්‍රිය ජාතික පාසල් 50 ක ජුනි 30 දිනට ඇතිවන පුරප්පාඩු සඳහා විදුහල්පතිවරුන් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම් පත් කැඳවා තිබේ.
කොළඹ රාජකීය ,නාලන්ද,දේවි බාලිකා,සිරිමාවෝ බණ්ඩාරනායක,මොරටුව වේල්ස් කුමර,මහනුවර කිංස්වුඩ්,ගම්පහ බණ්ඩාරනායක යන පාසල් ඇතුළු ජාතික පාසල් පනහක් සඳහා මාර්තු 20 දක්වා මෙලෙස අයදුම්පත් කැඳවා ඇත.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරින්ට පමණක් මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.
ජේ.ඉඳුරුවගේ