ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග පැමිණි පරිවාරක ගුවන් යානයක් ඊයේ(14දා) කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 (SUH 522) වර්ගයේ ගුවන් යානයක් එප්පාවල ප්රදේශයේ කුඹුරු යායකට ගොඩ බැස්ස වූ බව එප්පාවල පොලීසිය පැවසීය.
එප්පාවල, කටියාව ගොවි ජනපදයේ, යාය තුන ගම්මානයේ, අංක 68 ඇළ කුඹුරු යායට මෙසේ ගුවන් යානය ගොඩ බස්සවා තිබේ.
සිදුවීමෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් සිදු වී නොමැති අතර, කාර්මික දෝෂයට ලක්වූ ගුවන් යානයේ පැමිණි ආරක්ෂක අංශ නිලධාරීන් වෙනත් ගුවන් යානයකින් පිටත්ව ගිය බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.