ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් ජනපතිවරය තවමත් එම ලිපිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
පී.බී. ජයසුන්දර මහතා ජනපති ලේකම් ධුරයෙන් ඉවත්වීමට නියමිත බව මාධ්‍ය පසුගිය දින කිහිපයේදීම වාර්තා කළේය.
කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම පී.බී. ජයසුන්දර මහතා එම ධුරයන් ඉවත් කළ යුතු බවට සඳහන් කර තිබුණි.
ජනපතිවරයා එම ඉල්ලා අස්වීම පිළිගතහොත් ජනවාරි මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහුගෙන් හිස්වන ජනපති ලේකම් ධුරය සඳහා දැනට අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කටයුතු කරන ගාමිණී සෙනරත් මහතා හෝ වාරි මාර්ග අමාත්‍යාංශ ලේකමේ ලෙස කටයුතු කරන අනුර දිසානායක මහතා පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.