ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ”ප්‍රජා උපේදේශන කමිටු” පිහිටුවීමට සඳහා ජනාධිපති ලේකම්වරයා අප්‍රේල් මස 29 වැනිදා නිකුත් කළ චක්‍ර ලේඛණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපෘති සැළසුම් කර අදාළ කමිටු පිහිටුවන බවට පැමිණිලි කරමින් ෆැපරල් සංවිධානය සහ එහි විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලීණි.
ෆැපරල් සංවිධානය සහ එහි විධායක අධ්යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නීතිපතිවරයා නම් කර ඇත.