(UPDATE) පාර්ලිමේන්තුව තුළින් නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම මේ වන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ වී තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුලින්ම ඡන්ය ප්රකාශ කළේය.
VIDEO
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ ජනපතිධුරය සඳහා පාර්ලිමේන්තුව තුළින් මන්ත්රීවරයෙක් තෝරා පත්කර ගැනීම අද (20දා) පෙරවරු 10.00 පාර්ලිමේන්තුවේදී ආරම්භ කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ නායක වැඩබලන ජනපති රනිල් වික්රමසිංහ, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම, ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානායක ජනපති සටනට එක්ව සිටියි.
ජනපතිධුරය සඳහා එක් මන්ත්රීවරයෙකුට වඩා වැඩියෙන් ඉදිරිපත්ව ඇති හෙයින් රහස් ඡන්දයකින් නව ජනපති තෝරා පත්කර ගැනීමට නියමිතය.
එසේම ඒ ඒ පක්ෂ මේ වන විට තම තමන් සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව ප්රකාශයට පත්කර තිබේ. කෙසේ වෙතත් රහස් ඡන්දයක් පවතින හෙයින් පක්ෂ තීරණවලට පිටින් ගොස් ඡන්දය ප්රකාශ කිරීමේදී අවස්ථාවක්ද උදාවී තිබේ.
සිය ඡන්දය භාවිත කළේ කවුරුන්ටද යන්න පටිගත කිරීමට කටයුතු නොකරන ලෙස කතානායකවරයා සියලුම මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා තිබේ.