ඉන්දීය රජයේ මෙන්ම චීන රජයේ නිල ආරාධනා අනුව ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී එම රටවල් දෙකේ නිල සංචාර සිදුකරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මේ අනුව ජනපතිවරයා මුලින්ම ඉන්දියාවේ සංචාරයක නිරත වෙනු ඇති බවත් බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් තෙවැනි සතියේදී සිදු වෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
චීන සංචාරය සඳහා චීන තානාපති කාර්යාලය විසින් නිල ආරාධනාවක් සිදුකර ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.