ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අඟහරුවාදා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාළ මීළඟ සමාලෝචනය පවත්වන්නේ කවදාද යන්න පිළිබඳව නව රජය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව IMF නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මැතිවරණය හේතුවෙන් කල් දැමුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තර්ණ ණය පහසුකමේ මීළඟ සමාලෝචනය නිමා විරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට මීළඟ වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 360කට ආසන්න මුදලක් ලැබීමට නියමිතය.
තුන්වැනි සමාලෝචනයට අදාළ කාල රාමුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකා සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද අරමුදල පවසයි.