ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මියගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2024 දෙසැම්බර් 15 සිට 17 වැනි දින දක්වා ඉන්දියාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඒ මහතා යෙදෙන පළමු විදෙස් සංචාරය මෙයයි.
මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය හමුවීමට නියමිත අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය අමාත්‍යවරුන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.