නව රජයේ අමාත්‍ය මණ්ඩලය අනිද්දා (12දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික මගුල් මඬුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිතය.
ඒ අනුව කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 26ක් වනු ඇති බවට පෙර සඳහන් වුවද, ඇතැම්විට එය 28ක් වනු ඇති බවට වාර්තා වේ. කෙසේ වුවද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත්කළ හැකි උපරිම කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කි. මෙහිදී කැබිනට් අමාත්‍ය ධුර දෙකක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා වෙනුවෙන් වෙන්වනු ඇත. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාත් මුදල් අමාත්‍ය ධුරය අගමැතිවරයා වෙතත් හිමිවනු ඇත.
මීට අමතරව කැබිනට් නොවන අමාත්‍යවරුන් 40 දෙනෙකු ඉදිරියේදී පත් කිරීමට නියමිත බව සඳහන්ය.
මෙහිදී පසුගිය භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධුර හෙබවූවන් බොහෝ දෙනෙකු සඳහා ඔවුන් විසින් දරන ලද අමාත්‍ය ධුරම නැවත ලබාදීමට තීරණය වී ඇති අතර, තවත් කිහිප දෙනෙකුගේ අමාත්‍ය ධුර වෙනස් කිරීමට තීරණය වී ඇති බවද සඳහන්ය. මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරී පත්වන පුද්ගලයන් කිහිප දෙනෙකු සඳහාද අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
කැබිනට් අමාත්‍යවරයෙකුට හිමි බලතල අතුරින් කැබිනට් නොවන අමාත්‍යවරයෙකුට හිමි නොවන බලතල වන්නේ කැබිනට් රැස්වීම් සඳහා සහභාගී වීමට නොහැකි වීමයි.