2024 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයට වඩා 2025 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැයේ රුපියල් බිලියන 358ක වෙනසක් දක්නට ලැබේ.
එහිදී පසුගිය රජය විසින් 2024 වර්ෂ සඳහා රුපියල් බිලියන 3860ක විසර්ජන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කළ අතර, වත්මන් රජය 2025 වර්ෂ සඳහා ඊයේ (09දා) රුපියල් බිලියන 4,218ක විසර්ජන පනතක් ඉදිරිපත් කළේය.
පසුගිය රජය සමයේ අමාත්‍යාංශ 29ක් පැවති අතර, වර්තමාන රජය යටතේ අමාත්‍යාංශ 24ක් පවතී.
2024 අයවැයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 6.60ක් (රු.6,601,150,000) අයවැයෙන් වෙන් කළ අතර, 2025 අයවැයේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 2.99ක් (රු.2,992,980,000) වෙන්කර ඇත.
ඒ අනුව 2024 වඩා 2025 වර්ෂයේ අයවැය මගින් ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා වෙන් කළ මුදල රුපියල් බිලියන 3.6කින් (3.608,170,000) අඩු කර තිබේ.
මේ අතර 2024 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 886.1ක් ලෙස වැඩිම මුදල වෙන්කර තිබෙනුයේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට වන අතර, 2025 වසරේ අයවැයෙන් රුපියල් බිලියන 714ක් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර ඇත.
2024 වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 410.2 සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 25.5ක් වෙන්කර තිබූ අතර, 2025 සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 508.4ක් වෙන්කර ඇත.
2024දී අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 237ක් වෙන්කර තිබූ අතර, 2025 වසරේදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට රුපියල් බිලියන 271ක් වෙන්කර තිබේ.