මෙවර ජනාධිපතිවරණය කිසිසේත් කල් නොදමන බවත් මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා යැයි විදේශ කටයුතු හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය .
අමාත්‍යවරයා මේ අදහස් පවසා සිටියේ ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවාව පොලොන්නරුව ගල්ලෑල්ලේ පිහිටි පොලොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී කම්කරු හා විදේශ කටයුතු පිලිබද අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවෙනි දිනටත් අද උදෑසන විශේෂ ජංගම සේවාවට එක්විමිනි.
මෙවර ජනාධිපතිවරණයේදි මොන පක්ෂයෙන් පොදු සන්ධානයකින් ස්වාධීන පක්ෂයකින් තරග කලත් ඒ ඕනෑම පක්ෂයක හෝ සන්ධානයක ජනාධිපති අපේක්ෂකයා වෙන කවුරුවත් නොව රනිල් වික්‍රමසිංහ මහතා බවයි.තවද අපිට මැතිවරණ කල් දාන්නවත් මැතිවරණ පවත්වන එකට කකුල් මාට්ටුවක් දාන්නත් කිසි සේත් අවශ්‍ය නොවන බවත් නියම වේලාවට ජනාධිපතිවරණය පවත්වන බවද ඒ සදහා සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවද මෙහිදී පවසා සිටියේය.
ඉදිරියේදී සියලු පක්ෂ වල ඉන්න මේ ජාතික ප්‍රතිපත්තිවලට ගරු කරන මේ රට,ඉදිරියට යන්න ඕන කියල හිතන හා විශ්වාස කරන නායකයො එක වේදිකාවකට ඒවි.මේ රටේ රැලිවලට,අහුවෙච්ච මිනිස්සු හෙම්බත් උනු නැවත වතාවක් රැලි වලට අහුවෙන්නෙ නැති ටෙස් කරලා,බලලා වැඩකරන්න පුලුවන් නායකයා කවුද,කියල හොයා ගෙන ඒ ජනතාවත් ඉදිරියේදී එකට ඒකරාශී වෙනවා. පුලුවන් .ජනාධිපතිවරයාට පුලුවන් උනා මේ රට ඉදිරියට ගේන්න.
ඉදිරි මාස කිහිපයේදී වැට් බදු අඩු කරලා,උපයනවිට අය කරන බද්ද අඩු කරලා බඩු මිළ අඩු කරලා .මොකුත් නැතුව තිබුණු රට හිගන තත්වයට වැටිලා තිබුණු රට බංකොලොත් වෙච්ච රටක් ඒ තත්වයෙන් අයි.එම්.එෆ්.සහයෝගයෙන් මේ රට අඩියක් ඉස්සරහට ගෙනල්ලා .ණය හිමියන් එක්කත් සාකච්ඡා කරලා මේ රට 2048 ත් කලින් මේ රට සංවර්ධිත රටක් බවට පත් කරන්න පුලුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි.