දේශපාලන පක්ෂය කුමක් වුවත් සෑම දේශපාලන පක්ෂයකින්ම ඉදිරිපත් කරන පිරිසෙන් හොඳ පුද්ගලයන් පිරිසක් මහජන සේවය සඳහා පත්කර ගැනීමට ඉදිරියේදී මැතිවරණ හතරක් පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව පැෆරල් සංවිධානයේ ජාතික සංවිධායක සුජීව ගයනාත් මහතා සඳහන් කළේය.
මේ වසරේ ඔක්තෝබර් මාසයට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තිදෙනකු සඳහා එක දෙක තුන වශයෙන් මනාපය ලබාදීමට හැකි ජනාධිපතිවරණයක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද ගයනත් මහතා කීය.
පැෆරල් සංවිධානයේ, මාර්තු 12 ව්‍යාපාර යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ, සිවිල් ක්‍රියාකාරීන්, මහජන නියෝජිතයින්,
මාධ්‍යවේදීන් මෙන්ම ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමේ අවස්ථාවට, 05 වෙනිදා පෙරවරුවේ එක්වෙමින් සුජීව ගයනාත් මහතා ඒ බව හෙළිදරව් කළේය.
අප රටේ පැවැත්වෙන ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ මෙන්ම ජනාධිපතිවරණවලදී රටේ පාලනයට සහ මහජන සේවයට සුදුසු පිරිසක් පත්කර ගැනීම පිළිබඳව, මාර්තු 12 ව්‍යාපාර යටතේ රටපුරා සිටින සමාජ ක්‍රියාකාරීන්, තරුණ සංවිධාන, සිවිල් ක්‍රියාකාරීන්, මෙන්ම මාධ්‍යවේදීන්, වෘත්තියවේදීන්, හා රාජ්‍ය ආයතන ප්‍රධානින් දැනුවත් කරන බවද සුජිව ගායනාත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ව්‍යවස්ථාපිතව පළමුව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ඔක්තෝබර් 16 වෙනිදා වනවිට ජනාධිපතිවරයෙක් පත්ව සිටිය යුතු බවත්, එය රටේ නීතියක් බවත්, ඊට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට රජයට බාධාවක් නොමැති බවත්, නමුත් ව්‍යවස්ථාපිතව ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපතිවරයෙක් පත්ව නොසිටියහොත් රට අරාජිත තත්ත්වයට පත්වන නිසා පළමුව ජනාධිපතිවරණය පැවැත්වීම පැෆරල් සංවිධානයේ අදහස බවද සුජීව ගායනාත් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
නිමල් ජයරත්න