ජනාධිපතිවරයා හා විපක්ෂනායකවරයා තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ හා මුදල් යොදාගනිමින් සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඡන්දදායකයාට අල්ලස් දීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කර ඇති බවද දිසානායක මහතා ප්‍රකාශ කළේය.
දිසානායක මහතා මේ බව පැවසුවේ අද (13දා) ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා,
“අපේ මැතිවරණ ව්‍යාපාරය 17වැනි සෙනසුරාදා ආරම්භ කිරීමට තීරණය කොට තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල නගරයේදීත්, මාතර නගරයේදීත්, ගාල්ල නගරයේදීත් ප්‍රධාන මහ රැලි තුනක් පැවැත්වීමට සූදානම් කොට තිබෙනවා.
ඉන්පසුව උතුරු නැගෙනහිර පළාත් ඇතුළත්ව ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම සියලු ආසන නියෝජනය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. ඒ වගේම නගරවල සිට ගම් දක්වා තවත් රැස්වීම් මාලාවක් සූදානම් කර තිබෙනවා. ඒ වගේම නිවෙස් ආශ්‍රිතව කරන ගෘහස්ථ සාකච්ඡා ගෙයින් ගෙට ගොස් කරන ජනතාව දැනුම්වත් කිරීම් අපගේ මැතිවරණ ව්‍යාපාරයට ඇතුළත් කොට තිබෙනවා.
ලබන 15දා බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්රකාශනයත්, 26දා සංචාරක කර්මාන්තය සම්බන්ධ වැඩපිළිවෙළත් ඉදිරිපත් කරනවා. රට මුහුණ දී තිබෙන ඩොලර් අර්බුදයට කෙටිකාලීන විසඳුම් සොයාගත හැකි ප්රමුඛ ක්ෂේත්රය හැටියට සංචාරක කර්මාන්තය අපි හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අපේ ආර්ථික ප්‍රතිපත්තිය සැප්තැම්බර් 03වැනිදා එළිදක්වනවා. විශාල ව්‍යාපාරික සමුළුවක් පවත්වා එය එළිදැක්වීමට කටයුතු කරනවා.
ඒ වගේම ග්‍රාමීය දුප්පත් ජනතාව ආර්ථිකයේ ප්‍රධාන පංගුකරුවන් බවට පත්කර ගනිමින් අධ්‍යාපනය, සෞඛ්‍යය, ආහාර, යන මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරමින් ඉදිරියට සංවර්ධනය කිරීම පිළිබඳව මූලික අවධානය යොමුකර තිබෙනවා. ක්ෂේත්‍ර ගණනාවක සමාජ ආර්ථික සහ සංස්කෘතික වැදගත්කම් ගැන මූලික වශයෙන් සලකා බලමින් මේ සියල්ල කැටිකර මැතිවරණ ප්රකාශනය එළඹෙන අගෝස්තු 26වැනිදා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා."
ප්වා.