ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ජනතාවගේ හතුරෙක් ලෙස ක්‍රියාත්මක වන බවත් එම කොන්දේසි හොඳයි කියන ජනපතිට එරහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට ඉඩක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද (09දා) පැවැසීය.
“මේ කාරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35කගේ පමණ ජීවිත විනාශ කර තිබෙන්නේ.
ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපිට ඇවිල්ලා කියන කොට දැන් රටේ තත්ත්වය හොඳයි උද්ධමනය බැහැලයි කියලා ජනපතිට ඔලුවේ අමාරුවක් හැදිලා තියෙනවා කියලා එතුමාට එරෙහිව අපිට දෝෂාභියෝගයක් ගෙන්නත් අපිට ඉඩ තිබෙනවා”