ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000/= නෝට්ටුවක් ව්‍යාජව සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක බි. ඒ. ඩි. සමීර මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේදීය.
සැකකාර පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක අලෙවි නිලධාරියකු ලෙස රැකියාව කටයුතු කරන්නෙකි.
අතුරුගිරිය කොරතට මහදෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරු වයස අවුරුදු 38 ක පුද්ගලයෙකි. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශය මගින් විමර්ශන සිදු කෙරේ.