ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා (29දා) එළිදැක්වීමට නියමිතය.
"පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇති අතර,රට බංකොලොත් භාවයෙන් මුදවාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වලට යහපත් රටක් ගොඩනැගීම "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.