ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනය පරිදි 2025 ජනවාරි 14 වැනි දා සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වෙයි.
මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති දිසානායක මහතා ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ අන්‍යෙන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන අතර චීන අගමැති ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි යන මහත්වරුන් හමුවීමට නියමිතය.
ජනාධිපතිතුමාගේ මෙම මහජන චීන සමූහාණ්ඩු සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇත.