(UPDATE) 8.50 PM
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට සඳහන් ලිපියක් ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය හරහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලැබී ඇතැයි කථානායක මාධ්‍ය ඒකකය පවසයි.
මෙහි නිරවද්‍යතාව පිළිබඳ නැවත පරික්ෂ කිරීමෙන් අනතුරුව හා සියලු නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු මේ සම්බන්ධ නිල නිවේදනය හෙට දිනය ඇතුළත නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායකවරයා දන්වා සිටින බව එම මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.
මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණිමෙන් අනතුරුව කතානායකවරයා මෙසේ එම ලිපිය කථානායකවරයා වෙත යොමුකර ඇති බව වාර්තා වෙයි.