Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවා.
ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීය.
එහිදි අදහස් දැක්වු හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා,
" මම පසුගිය අගෝස්තු මාසයේදී යුධ හමුදා සේවයෙන් විශ්‍රාම යාමේන් පසුව විවිධ දේශපාලන පක්ෂ මට ඇරයුම් කළා ඔවුන්ට සහය දක්වන්න එන්න කියා. මම එහිදී කල්පනා කලා. පසුගිය වසර 71ක් තුලදී මෙරට දේශපාලනය විසින් රටට සිදුකළ දේ කුමක්ද කියා. ඒ නිසා මම තීරණය කළා ඔවුන් සමග එක්ව නොයන්න.
මේ රටේ හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් මට කවදා හෝ දවසක මගේ දරුවන්ට ඔවුන්ගේ දරුවන්ට කියන්න බැහැ මේ රට අනාරක්ෂිතයි ඒ නිසා ඔවුන්ට මේ රටෙන් යන්න කියලා කියන්න. මේ අවස්ථාවේදී තමයි මට මේ රටේ බුද්ධිමතුන් හා උගතුන්ගෙන් සමන්විත මේ කණ්ඩායම මුණ ගැසෙන්නේ. මම ඔවුන්ගේ විවිධ දේශනා ඇසුවා. අවසානයේදී මම තීරණය කළා මේ රටට වසර 71ක් ශාපයක් වූ ක්‍රමවේදය වෙනස් කරන්න ඕන කියලා.
මෙතන සිටින්නේ බිය නැති, උගත් බුද්ධිමතුන් පිරිසක් මෙතන සිටින්නේ. මේ සිටින්නේ දේශපාලනයෙන් තොරවූ බුද්ධිමතුන්. ඔවුන් මෙතනට පැමිණ සිටින්නේ මේ රට වෙනසක් කරන්නයි. ඒ නිසා මේ මගේ තීරණය පෞද්ගලික තීරණයක් නොවේ. මෙය සාමුහික තීරණයක්. නැතුව මට ජනාධිපතිවීමේ සිහිනයකින් සිටිනවා නොවෙයි.
ජනතාවට නායකත්වය දෙන ක්‍රමවේදයක් ඇති ජනතාවට සෙතක් සැලෙසන ක්‍රමවේදයක් සහිත අනාගතයක් බිහිකරන්න ඕනේ. ඒ නිසා මෙවැනි විකල්ප කණ්ඩායම් සමග එක්වෙන්න කියා සියලු දෙනාට මා ආරධනා කරනවා.
මේ රට සියලු සම්පත්වලින් පුර්ණ වූ රටක්. මේ රටේ තිබෙන සම්පත් ගැන ජනතාවට කිසිදු දැනීමක් නැහැ. මේ රටේ හොඳ මිනිස් සම්පතක් තිබෙනවා. ඒ වගේම රටේ ඉන්න බැහැ කියා රටින් එළියට ගියපු හොඳ මිනිස් සම්පතක් තිබෙනවා. නමුත් ඒ ගැන රටේ ජනතාවට වඩා විදේශීය රටවල සිටින උදවිය ඒ ගැන හොඳින් දන්නවා. ගතවූ වසර 71 ක තුළ රට පාලනය කල පුද්ගලයින් එම සම්පත් නිසිලෙස කළමනාකරණය කළේ නැහැ.
අප ස්වාධිනත්වය, ශ්‍රී ලංකා ගරුත්වය රැකගනිමින් කටයුතු කළ යුතු වෙනවා. ඒ නිසා මේ රට කිසිදු විදිහකට වෙනත් රටකට විකිණිමට ඉඩ නොතිබිය යුතුයි.
මේ සියලු දේ තනි මිනිසෙකුට කරන්න බැහැ. නිර්පාක්ෂික්ව, මේ රටට ආදරය කරමින් රට ඉදිරියට රැගෙන යන්න අපි සියලු දෙනා කණ්ඩායමක් ලෙස එක්විය යුතුයි. මෙය අවසන් අවස්ථාව බව දැනගෙන සියලු දෙනා එක්විය යුතුයි.
මා සමග එක්ව සිටින්නේ කවුද? මෙතන කිසිම හොරෙක්, වංචාකාරයෙක් නැහැ. මෙතන සිටින්නේ සාර්ථක බුද්ධිමත් පිරිසක්.
මේ යල් පැනපු ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කාලය පැමිණ තිබෙනවා. ඒ සඳහා සුදුසුම පුද්ගලයින් අපි සතුව සිටිනවා. නව ව්‍යවස්ථාව මෙන්ම එක රටක් තුළ එක නීතියක් යන සංකල්පය මේ රට තුළ ඇති කළ යුතුයි. ඒ වගේම ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න අවශ්‍ය උගතුන් අපි සතුව සිටිනවා. ඒ වගේම කෘෂි කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය බුද්ධිමතුන් අපි සතුව සිටිනවා. රටේ අවශ්‍ය ඕනෑම සංවර්ධනයක් කිරීමට අවශ්‍ය බුද්ධිමතුන් උගතුන් මේ කණ්ඩායම තුල සිටිනවා.
මේ ලෝකය තුල ශ්‍රී ලංකාව කියන නාමය රටේ ගෞරවය ඉහළින්ම තැබිය යුතුයි. එය තනිව නොවේ රටේ ඕනෑම ආගමකට, ජාතියකට, වෘත්තියක් නියෝජනය කරන පුද්ගලයෙකුට මේ සඳහා එක්විය හැකියි. රටේ සැලසුම්කරණය සඳහා ජනතාවට එක්වීමට අවශ්‍ය ඉඩ ලබා දෙන්න.
අපේ රටේ ආරක්ෂක අංශ ශක්තිමත්. මේ රටේ සෑම අපරාධයකටම බහුතරයක් දේශපාලඥයින් සම්බන්ධයි. ඒ නිසා ආරක්ෂක අංශ වලට එම දේශපාලඥයින් ආරක්ෂා කිරීමට සිදුවන බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි. ඒ සඳහා මම හොඳ නිදසුනක්.
මේ රටේ දුෂණයට අකමැති, වංචාවට අකමැති ඕනෑම පුද්ගලයෙකුට මේ කණ්ඩායම සමග එක්වීමේ අවස්ථාව තිබෙනවා.
මේ රට ණය මත පාවෙන රටක්. ගත්තු ණය වලට වෙලා තියෙන්නේ මොකක්ද? මෙතැන කතා කරනවාට වඩා ඉදිරියේදී ඒ ගැන සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා.
රට වැසියන් ලෙස අපි නැගී සිටිමු. අනෙකාට ගරු කරන, දුෂණයෙන් තොර ලස්සන රටක් බවට මේ රට පත් කරමු. දුෂිත දේශපාලකයින් මේ රටින් අතුගා දමමු.. බුද්ධිමත් මිනිසුන් රටක් බවට මෙය පත් කරමු. ලෝකය ඉදිරියේ අපි යළිත් නැගී සිටිමු.
මොන තර්ජන ආවත්, මරණ තර්ජන ආවත් මම ඔබලා වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට එළියට එන්න හැකිනම් මේ රටේ බුද්ධිමතුන්ට පුළුවන් අපි සමග මේ ගමනට එකතු වෙන්න කියා. ඉතා කෙටි කාලයයි තියෙන්නේ. ඒ සඳහා සියලු දෙනා එක්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. "
ඡායාරූප - ශමිර රාජපක්ෂ
popular news
ටි ඉන්දික Sunday, 29 September 2019 06:06 PM
ජයෙන් ජය
Reply : 0 7
Champa Sunday, 29 September 2019 07:46 PM
හදවතින්ම ඔබට සුබ පතනවා හිටපු හමුදාපතිතුමා. අර කතාවේ කොටසක් හදන්න ඕනේ. "ඒ වගේම රටේ ඉන්න බැහැ කියා රටින් එළියට ගියපු හොඳ මිනිස් සම්පතක් තිබෙනවා." රටින් එළියේ ඉන්න හැමෝම රටේ ඉන්න බැහැ කියල ගියපු මිනිස්සු නෙමෙයි. ඔවුන්ට එහෙම යන්න වෙනත් විවිධ හේතු, සමහරවිට තමන්ට පාලනය කල නොහැකි හේතු තියෙන්න පුළුවන්. හැබයි රටේ ඉන්න මිනිස්සුන්ට වඩා පිටරට ඉන්න මිනිස්සු රටට ආදරෙයි.
Reply : 0 6
Bandula. Monday, 30 September 2019 09:58 AM
අනේ පව් මෙතුමාත් අර ඩොලර් වලින් යැපෙන අයගේ ලනුව කාල නිකන් පල් වෙන්න හදන්නේ. අර මීට කලිනුත් හමුදාපති කෙනෙකුට මේකම වුනා අමතකද? ඔබට මිනිසුන් ආදරේ එත් මේ නරා වලට වැටෙන්න එපා.
Reply : 16 1
Sanath Monday, 30 September 2019 10:58 AM
ඔබ තුමන්ට ජය ප්‍රර්ථනා කරනවා .
Reply : 0 4
සම්පත් Monday, 30 September 2019 12:24 PM
ඇමරිකාව තවත් ෆොන්සේකා කෙනෙක් ඉදිරිපත් කරලා වගේ. චන්දය දෙන අපිට තමය් මඩු වලිගෙන් ගහන්න ඕනා.
Reply : 10 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd