කඩිනමින් අවශ්‍ය නීති සම්පාදනය හා ආරක්ෂිත උපකරණ ලබා නොදෙන්නේ නම් සිය සාමාජිකයන්ගේ ජීවිතවල වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාරගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
මෙම දුෂ්කර මොහොතේ ජනතා මුදලින් කිසිදු දීමනාවක් අනවශ්‍ය බවත්, වහාම එම දීමනා ලබාදීමට යෝජනා කරමින් නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛය අවලංගු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට ලිඛිතව දැනුම් දුන් බවද ඒ මහතා කියා සිටියේය.
නෛතික ප්‍රතිපාදන සකස් කර දෙන ලෙස ඉල්ලා සිටියත් එය ඉටු නොකිරීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවත් ඔහු පැවැසී්‍ය.