ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක හදිසි තත්ත්ව මත පොදු ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති අනපේක්ෂිත අවස්ථාවන් පිළිබඳව කටයුතු කිරීමේදී සම්බන්ධීකරණය සහාය සැලසීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ කඩිනම් දුක්ගැනවිලි සහන යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවා තිබේ.
මේ හරහා එදිනෙදා ජන ජීවිතය අඩාළ නොවී සාමන්‍ය පරිදි පවත්වාගෙන යෑම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමේදී මතුවන ප්‍රා යෝගික ගැටලු ආමන්ත්‍රණය කිරිමට සහාය වීම බව අමාත්‍යාංශය සඳහන් කරයි
මේ පිළිබඳව දුරකතන අංක කිහිපයක් හඳුන්වා දී ඇති අතර එම අංක ඇමතීමෙන් ගැටලු ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.