රටේ ජනතාව රැවටීමේ කාලය මෙම වසරේ අග අවසන් වන බවත්, ඒ අනුව රට දිනවන සත්‍ය ජයග්රශනය කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශයට අද (09දා) පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"ජනාධිපතිවරයාට මම කියන්න කැමතියි අඩුම ගණනේ දැන්වත් කරුණා කරලා ආර්ථිකය කුඩා කරන ව්‍යාපෘතියට යන්නේ නැතිව ආර්ථිකය ප්‍රසාරණය කරන්නට වැඩපිළිවෙළක් යොදවන්න. ආර්ථිකය කුඩා කිරීමෙන් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. ආර්ථිකය ප්‍රසාරණය කරන්න ඕනෑ. දුප්පත්කම නිර්මාණය කරලා ප්‍රශ්න විසඳන්න බෑ.
විරැකියා පෝලිමට මේ රටේ තරුණ්‍යය එකතු කරලා මේ රටේ ප්‍රශ්න විසඳන්න බෑ. තෙල් මිල, ගෑස් මිල, විදුලි මිල වැඩි කරලා මේ රටේ ජනතාවගේ කර මත අසහනය, පීඩනය දුක කඳුළ වේදනාව පටවලා ප්‍රශ්න විසඳන්න බෑ. අවසාන වශයෙන් මම යෝජනා කරනවා ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාගේ වචන. ඔබට සියලු දෙනා යම් කාලයකටද, කිහිප දෙනෙකු සැමකල්හිදීම රැවටිය හැක. එනමුත් ඔබට සියලු දෙනා සෑම කල්හිම රැවටිය නොහැක. රැවටීමේ කාලය මේ වසර අවසන් වන විට අවසන් වෙනවා. එවිට රට දිනවන සත්‍යය ජයග්‍රහණය කරනවා."