කුඩු පට්ටම් වෙන්න ගිය ආර්ථිකය දැන් යහපත් මට්ටමට පත්ව ඇති බවත් ආර්ථිකය ගොඩ නැංවීම වෙනුවෙන් යන ක්‍රියාවලිය තුළ ජනතාවට විශාල පීඩා විදින්න සිදුව ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.
"රට ආර්ථික අර්බුදයකට යොමුවෙමින් පවතින බව මේ අවුරුද්ද මුල ඉදන්ම පැහැදිලි වුණා. ආර්ථිකය ගියේ Crash Landing එකකට ඒ නිසා මාර්තු මාසයේදී රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය වැඩසටහනක් ඉල්ලා සිටියා.
ඒ අනුව තමයි ණය අස්ථාවර බව නිවේදය කළේ, ඊට අමතරව මුදල් ප්‍රතිපත්තිය දැඩි කළා. රජය විසින් මුලින්ම මැයි මාසයේදි බදු පැකේජයක් ගෙනාවා. ඉන් අනතුරුව අතුරු අයවැයෙන් තව බදු පැකේජයක් ගෙනාවා.
මොකද රජයේ මුදල් අච්චි ගැසීම අඩු කරලා රජයේ ආදායම වැඩි කර ගැනීමකට. ඒ අනුව කුඩුපට්ටම් වෙන්න ගිය ආර්ථිකය දැන් යම් කිසි තත්ත්වයකට ස්ථාවර වෙලා තිබෙනවා.
මේ ආර්ථික අර්බුදයට හේතු හොයාගෙන ඒවාට පිළියම් යෙදීම තමයි ඊළඟ පියවර. ණය ප්‍රතිව්‍යුහ ගත කරන කොට ණය දීපු අයගෙන් සහනයක් බලාපොරොත්තු වෙනවා.
මේ වගේ ආර්ථික අර්බුදයකදී ජනතාව ඉස්සරට වැඩියෙන් තේරුම් අරගෙන තිබෙනවා අමාරුකම් තිබුණත් මේ ප්‍රතිසංස්කරණ විය යුතුයි කියලා. එහෙම වුණොත් විතරයි මේ රට නැවත වරක් අර්බුදයට වැටෙන එක වලක්වන්න පුළුවන් වෙන්නෙ.
මේ යන ක්‍රියාවලිය තළ ජනතාවට සෑහෙල පීඩා විදින්න වෙනවා. මෙ ්පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදා ගන්නේ. බහුතරයක් ජනතාව මේ අර්බුදය නිසා දුප්පත්කමට වැටිලා තියෙනවා.
මේ වගේ අවස්ථාවකදි රජය කළ යුතු දේ මයි අඩු ආදායම් ආරක්ෂා කර ගැනීම. ඒ නිසා මේ අයවැය තුළ ඉදිරි වසර සඳහා විශාල මුදලක් සුබසාධනයට වෙන් කරලා තියෙන්නේ"