මෙරට ජනගහණයෙන් 10%-15% අතර පිරිසක් ඇදුම රෝගය හේතුවෙන් පීඩා විඳින බව ආනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඇදුම රෝගයෙන් පෙළෙන ප්‍රධාන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවට හඳුනා ගෙන ඇති බවයි.
ඒ අනුව ඇදුම රෝගය හේතුවෙන් කුඩා දරුවන්, තරුණ තරුණියන් සහ වැඩිහිටියන් ඉතා විශාල මානසික සහ ශාරීරික අපහසුතාවන්ට මුහුණ දී ඇති බවට පෙන්වා දෙන ඒ මහතා, ඇදුම රෝගීන්ගෙන් 95%ක් පමණ ඉතා සරල හා ලාභදායී ඉහළ ක්‍රියාකාරිත්වයක් සහිත ඖෂධ මගින් පාලනය කළ හැකි බවද අවධාරණය කර සිටී.ලෝක ඇදුම රෝග දිනය සෑම වසරකම මැයි 07 වැනිදාට යෙදී තිබේ.