එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (UNODC GMCP) ගෝලීය සමුද්‍රීය අපරාධ වැඩසටහනට සමගාමිව එහි සම්පුර්න මුල්‍යමය දායකත්වය මත සෑම අතථ්‍ය අධිකරණයකම මෙන්ම බන්ධාගාර තුල තොරතුරු තාක්ෂණ ලබාදීම මෙන්ම බන්ධාගාර තුල ආරක්ෂක විශේෂාංග සහ සූර්ය බලශක්තිය ඇතුළු අඛණ්ඩ බල සැපයුම් මගින් මෙන්ම මානව හිමිකම්වලට අනුකූලව පුහුණු කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක තාක්ෂණික සහ ද්‍රව්‍යමය සහාය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්දති තුළ ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක උත්සවය අද(03) අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අගුනුකොලපලැස්ස බන්ධනාගාරයේදී සිදුකෙරිණි.
රුපියල් මිලියන 500ක පමණ වියදමින් සිදුකරලද මෙම ව්‍යාපෘතිය තුලදී බන්ධනාගාරය ඇතුලත ඇති ජංගම අධිකරණය තුල සිටම ආදාළ සැකකරුන් වීඩියෝ තාක්ෂනය ඔස්සේ අධිකරණයට ඉදිරිපත්කිරීමේ පහසුකම සලසා තිබේ, මේ තුලින් සිරකරුවන්ට මෙන්ම නිලධාරීන්ට සිදුවන විවිද පිඩා මෙන්ම ,සිරකරුවන් ප්‍රවාහනය වෙනුවෙන් වැයකරනු ලබන මහජන මුදල් නාස්තියද අවම කර ගැනීමේ හැකියාවක්ද පවතින බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී අවදාරණය කළේය.
මාතර මෙන්ම ගාල්ල බන්ධනාගාර තුලද මෙම වැඩ සටහනට අනුව අදාල සියලු පහසුකම් සහිත ඒකක ද අද(03) දින විවෘත්ත කිරීමට නියමිත වේ.
මෙම වැඩ සටහන සඳහා UNODC GMCP හි ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ UNODC කාර්යාලයේ ප්‍රධානී Siri Bjune මහත්මිය වැඩිදුරටත් පැවසුවේ, "UNODC GMCP බන්ධනාගාර සහ වැරදිකරුවන් කළමනාකරණය සඳහා ඵලදායී සහ මානව හිමිකම් පදනම් කරගත් ප්‍රවේශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වීමට කැපවී සිටින බවයි. .