පළාත් පාලන මැතිවරණය කල් නොදමන බවත් තමන් දන්නා පරිදි ඡන්දය පැවැත්විමට තින්දු කොට තිබෙන බවත් කෘෂිකර්ම හා වනජිවි ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.
අක්මිමන තල්ගස්යාය ශ්‍රි අස්වත්ථාරාමාධිපති පූජ්‍ය මතුගම ගුණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි කේශර සිංහ සංවිධානයේ මෙහෙයවීමෙන් එම විහාරස්ථානයේ පැවති වලහන්දුව “ගොවිජන හරසර” උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
“මම කියන්න කැමතියි, ඡන්දය කල්යන්නේ නැහැ කියලා. ඡන්දය පවත්වාවි. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඇතිවු තත්වය පිළිබද අපි කණගාටු වෙනවා. එතුමා සමග අපිට පුද්ගලික ප්‍රශ්නයක් නැහැ. ඉදිරි මැතිවරණයේ දි අපේ කණ්ඩායම තරග වදිනවා.
ඒ සදහා අපිට වැඩපිළිවෙළක් තියෙනවා. ඉදිරිපත්වන අය දිනවිමටද අපි කටයුතු කරනවා කිසිම කණ්ඩායමක් හා පක්ෂයක් සමග එකතුවෙනවා යැයි කියා අපි තවම තින්දුවක් අරගෙන නැහැ. ඉදිරියේ දි ඒ පිළිබද සාකච්ඡාවක් තියෙනවා.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය යටතේ මැතිවරණයට ඉදිරිපත්වන කණ්ඩායමක් නැහැ. දැන් තියෙන්නේ වෙන වෙන කණ්ඩායම් නේ. අපිට එතනට යන්න පුළුවන්කමක් නැහැ. එකතුවු කණ්ඩායම් තුනම ප්‍රතිපත්ත ප්‍රකාශ තුනක් ඉදිරිපත් කරලා තියෙනවා. තුන් ගොල්ලන්ම එක ප්‍රතිපත්තියක් හදලා ඉදිරිපත් කළහොත් රටට හොදයි.
රට ගොඩගැනිමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කළොත් හොදයි. ශ්‍රි.ල.නි.පක්ෂය තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ. ඒ වගකිම තමයි අපි කරන්නේ. එළියෙ ඉදලා විවේනය කරන්න හරිම ලේසියි. වැටිලා තියෙන රට ගොඩගන්න කවුරුහරි උත්සාහ කරනවානම් ඒ සදහා සහාය ලබාදිම තමයි තම කණ්ඩායම සිදුකරන්නේ” යැයිද ඇමතිවරයා සදහන් කළේය.