කිරිබත්ගොඩ මාකොළ පාරේ පිහිටි පෞද්ගලික සමාගමකට අයත් සුපිරි වෙළෙඳ හලකින් නිකිණි පොහොය දින රුපියල් පන්දාහක් පමණ වටිනා ආහාරමය ද්‍රව්‍ය සොරකම් කළ බව කියන වෛද්‍යවරියක ඊයේ (19) අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොලිසිය පවසයි
මෙම කාන්තාව මුදල් නොගෙවා හොර රහසේ රුපියල් එක් දහස් හාර සියයක් (1400) මිල සදහන් තේකුඩු පැකට් එකක් අරගෙන වෙළෙද හලින් පිටව යාමට සූදානම් වෙත්දී ආරක්ෂක අංශය විසින් අල්ලාගෙන ආයතන විධායක නිලධාරීනියට භාරදී ඇත.
එම නිලධාරිනිය මෙම කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී එහි තිබූ බිල්පත් නොමැති ජනප්‍රිය වර්ගවල ග්‍රෑම් 160 බැගින් බරැති චොකලට් තුනක් ,උකුකළ කිරි ටින් එකක්,හා සොසේජස් පැකට් එකක් සොයා ගැනීමට හැකිවී ඇත.
පසුව මෙම කාන්තාව කිරිබත්ගොඩ පොලිසියට භාරදී ඇත.එහිදී කළ විමර්ශනවලදී සොරකම් කළ භාණ්ඩ පිළිබඳවත් සැකකාරිය පිළිබදවත් තොරතුරු අනාවරණය වීඇත.
දැනටත් රජයේ රෝහලක සේවය කරන කැලණිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වෛද්‍යවරිය මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රෝහන නන්දසිරි මහතා ඇතුලු කණ්ඩායමක් විමර්ශන කටයුතු සිදු කර ඇත.
බියගම පද්මසිරි රණතුංග