ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන ආ චීනයේ සිවින් බයොටෙක් සමූහය ශ්‍රී ලංකාවේ ජාතික ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්යක්ෂවරයාගෙන් ඩොලර් මිලියන 8ක වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමුකර තිබේ.
තම සමාගමේ පොහොර තොගයේ අහිතකර බැක්ටිරියා ඇති බවට ව්‍යාජ වාර්තා නිකුත් කිරීම මගින් සමාගමට සිදුවූ මූල්‍යමය පාඩුවත්, කීර්තිනායමට සිදුවූ හානියත් හේතුවෙන් නොවැම්බර 5 දා සිට දින 3ක් ඇතුළත අදාළ වන්දිය ගෙවන ලෙස සඳහන් කරමින් මෙම එන්තරවාසිය ශාක නිරෝධායන සේවාවේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාරය ඩබ්.ඒ.ආර්.ටි. වික්‍රමාරච්චි මහතා වෙත මෙම එන්තරවාසිය යොමුකර තිබේ.
සමාගම සිය එන්තරවාසියෙන් වැඩිදුරටත් පවසන්නේ සෙල්සියස් අංශක 600ක උෂ්ණත්වයක් යටතේ ජීවානුහරණය කරන ලද සිය පොහොර තුළ එර්වේනියා නැමැති බැක්ටීරියාව අඩංගු නොවිය හැකි බවයි.