රෙදිපටියකින් මුහුණ ගැටගසා ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිඳ නිවස තුල ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් ඔස්සේ වැලිපැන්න පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වැලිපැන්න අලුත්ගම පාරේ පදිංචිව සිටී විජිත ඈපා සෙනවිරත්න නමැති 75 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ බිරිද වන චන්ද්‍රා සෙනරත් නමැති 67 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක බව පොලිසිය සදහන් කරයි .
වැලිපැන්න මුස්ලිම් විද්‍යාලය අසල නිවසක ඝාතනය කල බවට සැක ව්‍යාපාරික අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් තිබෙන බවට ලද තොරතුරක් ඔස්සේ පරීක්ෂණ කිරීමේදී නිවසේ සාලයේ තිබී මළසිරුරු දෙක හමුවූ බවත් පොලිසිය කීය .
නිවසේ සාලයේ පිරිමි පුද්ගලයාගේ මුහුණ රෙදි පටියකින් ගැටගැසූ මළසිරුරු තිබී ඇති අතර , ඊට ආසන්නයේ ඔහුගේ බිරිද ගේ මුණින් අතට වැටී තිබූ මළසිරුර හමුව තිබේ.
නිවසේ පිටිපස දොර අඩවල් කර තිබී ඇති අතර , විදුලි පහන් කිහිපයක් දැල්වෙමින් පවතින බවද දැකගත හැකිවිය .
මියගොස් ඇති ව්‍යාපාරික අඹුසැමි වතු කිහිපයක් සහ ගල් කොරියක් හිමි ව්‍යාපාරික යුවලක් බවත් , ඔවුන්ට දරුවන් නොමැති බවද පැවසේ.
පිරිමි පුද්ගලයා ගේ එක් කනකින් රුධිරය වහනය වෙමින් තිබෙනු දැකගත හැකි බවද පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර , මතුගම මහේස්ත්‍රාත් පරීක්ෂණය පස්වරුවේ සිදුකිරීමට නියමිත බව වැලිපැන්න පොලිසිය පවසයි .
කළුතර අපරාධ කොට්ඨාසය ,කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය