දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාධනීය පියවර ගත්තත් ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් එයට එරෙහිව කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පෙර පාසලේ සිටම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදිය යුතු බවත් '56 සාපය' මේ වන විට රටට වැදී ඇති බවත් ඔහු පැවැසීය. ඉංග්‍රීසි අධ්‍යාපනයට යොමුවීමේදී ක්‍රමිකව එය සිදුකළ යුතු බවත් විපක්ෂනායකවරයා පැවැසීය.