මෙවර යල කන්නයේ වි අස්වනු මේ දිනවල නෙලිම් සිදු කරන අතර වි සදහා නිසි මිලක් නොමැති කමින් විල්ගමුව ප්රදේශයේ ගොවින් අපහසුතාවයට පත්ව සිටින බව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසයි.
විල්ගමුව ප්රදේශටෙ පැමිණෙන ඇතැම් වි මෝල් හිමියන් වි මිලදි ගැනිම් සිදු කරන බවත් සම්බා වි කිලෝ එකක් සදහා 100ත් 110ක් මිලත් ගන්නා බවත් නාඩු වි සදහා කිලෝ එකක් සදහා රුපියල් 90ක් මිලක් යටතේ මිලදි ගැනිම් සිදු කරන බවත් පවසන ගොවි සංවිධාන නියෝජිතයෝ රජය මේ සදහා නිසි වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නොමැති බවද පවසයි.
අස්වනු නෙලිම් සදහා සේවක කුලි සහ යන්ත්ර සදහා යන අධික වියදමක් නිසා වි මිල කිසිසේත් ප්රමාණවත් නොවන බවත් මේ සදහා නිසි වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.
මහේෂ් කිර්තිරත්න