රට තුළ ගෙවතු 400,000 ක එළවලු වගාවන් ව්‍යාප්ත කිරිමට රජය තීරණය කර ඇති අතර ඒ සියලුම වගාවන් මෙ මස 10 වන විට ආරම්භ කල යුතු බව රජය දැනුම්දී තිබේ .
මේ යටතේ එක් ග්‍රාමයක අවම වශයෙන් ගෙවතු 30 ක් වගාව සදහා යොදවා ගතයුතු බව රජය විසින් කෘෂිකාර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින්ට දැනුම්දී ඇත.
ගෙවතු වගා සඳහා අවශ්‍ය බීජ දිස්ත්‍රික් මට්ටමින් නිකුත් කිරීමට තීරණය කර ඇති අතර දිස්ත්‍රික් අවශ්‍යතාවය අනුව ඒවා පැකට් කර ගෙවතු හිමියන් වෙත ලබාදීම කටයුතු සංවිධානය කර තිබේ .
එලෙස ලබාදෙන බීජ වලට අමතරව මඤඤක්කා, දේශීය අල වර්ග, බතල, පළතුරු වර්ග හා වෙනත් සුදුසු ආහාර භෝග ගොවීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද නිලධාරින්ට දැනුම්දී තිබේ .
ඒ අනුව සියලු ගෙවතු වගාවන් මෙ මස 10 දිනට පෙර භූමියේ ස්ථාපිත කල යුතු අතර,මෙම වගාවන් සඳහා අවශ්‍ය කොම්පෝස්ට් හා කාබනික පොහොර (දියර පොහොර ද ඇතුළුව) කෘෂිකාර්ම පර්යේෂණය නිෂ්පාදන සහකාර කොට්ඨාස මට්ටමෙන් නිපදවිමට සැලසුම් කර ඇත.